🏆ජාතික ඵලදායිතා සම්මාන - 2025/26🏆

විශේෂ ඇගයීම

WhatsApp Image 2026 09 30 at 10.41.07 AM 1

අකුරැස්ස සමෘද්ධි බැංකුවේ යාකබැද්ද වසමේ සහ මාරඹ උතුර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ ඉදිකිරිමට යොජිත නිවෙස් වල අත්තිවාරම කැපීම සහ මුල්ගල් තැබීමේ අවස්ථාව ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුලු නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් 2026.09.09 වන දින ආරම්භ වූ අවස්ථාව..

WhatsApp Image 2026 09 15 at 9.29.14 AM 4WhatsApp Image 2026 09 15 at 9.29.14 AM 1WhatsApp Image 2026 09 15 at 9.29.14 AM 6WhatsApp Image 2026 09 15 at 9.29.14 AM

WhatsApp Image 2026 09 07 at 11.40.33 AM 2

 අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රැකියා විරහිත සහ ස්වයං රැකියා සිදු කිරීමට අපේක්ෂිත පිරිස් වෙනුවෙන් දින 05 ක කේක් පුහුණු පාඨමාලාවක් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදි.

සාර්ථකව සිය පාඨමාලාව අවසන් කරීමෙන් අනතුරුව ඔවුන්⁣ගේ දක්ෂතා එලි දැන්වීම සහ සහතිකපත් ලබා දීමේ උත්සවය 2026.08.24 දින ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි.  
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමත්,ව්‍යවසාය සංවර්ධන නිලධාරිතුම්යගේ මැදිහත්වීම සහ කැපවීමත් මත දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මතින් සිදු කරන ලද මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ සන්ද්‍යා වීරසේකර මහත්මිය විසිනි.
ඒ අනුව මෙම උත්සවය සඳහා අකුරැස්ස ප්‍රාදේශීය සභා ගරු සභාපතිතුමන්,ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරි මහත්ම මහත්මීන්ද දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ නිලධාරි මහත්ම මහත්මීන්ද, සම්පත් දායිකා සන්ද්‍යා වීරසේකර මහත්මියද සම්බන්ධ විය.

அக்குரஸ்ஸ பிரதேச செயலாளர் பிரிவில் கேக் தயாரிப்பு பயிற்சி நெறி நிறைவு மற்றும் சான்றிதழ் வழங்கும் விழா

அக்குரஸ்ஸ பிரதேச செயலாளர் பிரிவில் கேக் தயாரிப்பு பயிற்சி நெறி நிறைவு மற்றும் சான்றிதழ் வழங்கும் விழாஅக்குரஸ்ஸ பிரதேச செயலாளர் பிரிவில் வேலையற்ற மற்றும் சுயதொழில் செய்ய ஆர்வம் உள்ளவர்களுக்காக 5 நாட்கள் கொண்ட கேக் தயாரிப்பு பயிற்சி நெறி அக்குரஸ்ஸ பிரதேச செயலக வளாகத்தில் நடாத்தப்பட்டது.
வெற்றிகரமாகப் பயிற்சியை நிறைவு செய்தவர்களின் திறமைகளை வெளிப்படுத்தும் மற்றும் சான்றிதழ் வழங்கும் விழா 2026.08.24 அன்று மிகவும் கோலாகலமாக நடாத்தப்பட்டது.
அக்குரஸ்ஸ பிரதேச செயலாளரின் வழிகாட்டல் மற்றும் தொழில்முயற்சி அபிவிருத்தி அதிகாரியின் தலையீடு மற்றும் அர்ப்பணிப்புடன், தெ மாகாண கைத்தொழில் அபிவிருத்தி அதிகார சபையின் நிதியுதவியுடன் மேற்கொள்ளப்பட்ட இத்திட்டத்திற்கு, சந்தியா வீரசேகர அவர்களால் வளக்கொடை வழங்கப்பட்டது.
இதற்கமைய, இந்நிகழ்வில் அக்குரஸ்ஸ பிரதேச சபையின் கௌரவ தவிசாளர், பிரதேச செயலாளர், உதவி பிரதேச செயலாளர், பிரதிப் பணிப்பாளர் உள்ளிட்ட உத்தியோகஸ்தர்கள், தெ மாகாண கைத்தொழில் அபிவிருத்தி அதிகார சபையின் அதிகாரிகள் மற்றும் வளப்பயிற்சியாளர் சந்தியா வீரசேகர ஆகியோர் கலந்துகொண்டனர்.

 

Cake Training Course Completion and Certificate Awarding Ceremony in the Akuressa Divisional Secretariat Division

A 5-day cake training course was conducted at the Akuressa Divisional Secretariat premises for unemployed individuals and those aspiring to start self-employment within the Akuressa Divisional Secretariat Division.

Following the successful completion of the course, the ceremony to showcase their talents and award certificates was held grandly on August 24, 2026.

This program was conducted under the guidance of the Divisional Secretary of Akuressa, with the intervention and dedication of the Enterprise Development Officer, funded by the Southern Province Industrial Development Authority. Resource contribution for the program was provided by Mrs. Sandya Weerasekara.

Accordingly, the Hon. Chairman of the Akuressa Pradeshiya Sabha, the Divisional Secretary, the Assistant Divisional Secretary, the Deputy Director and other officials, officials of the Southern Province Industrial Development Authority, and resource person Mrs. Sandya Weerasekara participated in this event.

WhatsApp Image 2026 09 07 at 11.40.35 AM 1

 

WhatsApp Image 2026 09 07 at 11.40.34 AM 1

 

 

WhatsApp Image 2026 09 07 at 11.40.33 AM 1

 

WhatsApp Image 2026 09 07 at 11.40.34 AM

  

WhatsApp Image 2026 09 07 at 11.40.34 AM 1

 

 

  

🏆 "රුහුණු අභිමන් 2026" – දකුණු පළාතේ ව්‍යවසායක අභිමානයට ජාතික ඇගයීමක්! 

අයදුම්පත් භාරගැනීමේ දින දීර්ඝ කරන ලදි.

දකුණු පළාතේ විශිෂ්ට ව්‍යවසායකයන්ගේ කැපවීම, නවෝත්පාදනය, දක්ෂතාව සහ ව්‍යාපාරික ජයග්‍රහණ අගයමින් පැවැත්වෙන “රුහුණු අභිමන් 2026” ව්‍යවසායක සම්මාන උළෙල සඳහා අයදුම්පත් දැන් විවෘතයි! 🎖️
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය : 10 සැප්තැම්බර් 2026
✨ ඔබත් දකුණු පළාතේ සාර්ථක ව්‍යවසායකයෙක් නම්, ඔබේ ව්‍යාපාරික ජයග්‍රහණය රටට හඳුන්වාදීමට මෙය ඔබට ලැබෙන විශිෂ්ට අවස්ථාවකි.
📌 අයදුම්පත් දැන් විවෘතයි
📲 අයදුම්පත බාගත කර ගැනීමට පෝස්ටරයේ හි ඇති QR Code එක ස්කෑන් කර හෝ පහත ලින්ක් එක භාවිතා කරන්න
https://shorturl.at/aDY1k
විමසීම්:
මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය
📞 077 367 6584
      041 222 9883
✉️ Email - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
මාතර, හම්බන්තොට සහ ගාල්ල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) ව්‍යවසාය සංවර්ධන නිලධාරි මහත්ම/මහත්මීන්ගෙන් සහ මාතර, හම්බන්තොට සහ ගාල්ල වාණිජ හා කර්මාන්ත මණ්ඩල වෙතින්ද අයදුම්පත් ලබාගත හැක 
🤝 සංවිධානය:
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA)
මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (MDCCI)

WhatsApp Image 2026 09 07 at 12.33.55 PM 

 

හිසට සෙවනක් හිතට සවියක්....

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රජා සත්කාරයක්.

=======================================

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය හමුවෙන්න කාලෙක ඉදන් එනවා හරි අපූරු යාළුවෙක්. ඇය නමින් සුමනාවති. වයසට එහා ගිය පෙනුමකින් යුක්ත වුනාට ඇයත් හරි සුන්දර කාන්තාවක්. ඇයට අවශ්‍ය එකම එක දෙයයි. ඒ හිසට සෙවනක්. තැනිත් තැන ඇවිදිමින් ඉඩක් දුන් තැකන දවසින් දවස කාලා වැටිලා උන්නට ඇයට තිබුනෙ නැ තමන්ගෙම සෙවනක්. ප්‍රාදේශීය ලේකම්තුමිය හමුවට එන මේ අම්මා හිනාමුසු මුවගින් දැත් එක්කොට හැමදාම ඉල්ලුවෙ "අනේ මැඩම් මට ඉන්න තැනක් හදලා දෙන්න මැරෙන්න කලින් ම⁣ගේම තැනක ඉදලා මැරෙන්න ඉඩ දෙන්න". ඒක හරි අහිංසක ඉල්ලීමක්.

ඉතින් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය මූලික වුනා ස්ථීර අධිෂ්ඨානයෙන් තීරණය කලා මේ සුමනාවති අම්මට සෙවනක් හදන්න. ඉතින් ඒ පිං සිතුවිල්ලට හයියක් වෙන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇය වටා එකතු වුනා අනිකුත් ප්‍රජා සත්කාරයන් වලදි වගේම. 2025.12.23 කියන්නේ අන්න ඒ සුභ දවස. හීනයක් සැබැ කරන්නට අඩිතාලම තියපු දවස.නිලධාරීන් පිරිසක් තම තමන්ට පුලුවන් අයුරීන් මුදල් ආධාර කරද්දි නවත් අය ශ්‍රමදායකත්වය දුන්නා. තමන්ගේ දේකට සුභ නැකතට කැවිලි පෙවිලි හදනව වගේ තවත් අය නැකතට කැවිලි පෙවිලි හදන් ආවා.ඒ වගේම තමයි තවත් අය නිවස සෑදීමට අවශ්‍ය බඩු බාහිරාදිය භාර ගත්තා. 

මේක හරි පුංචි ගෙයක්.

අහිංසක හීනයක් වෙනුවෙන්. 

කවදත් මනුස්සයෙක්ගේ දුක හඳුනන අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමියගේ සංකල්පය අනුව එතුමිය ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලය එකතුවෙන් මෙකී කාර්යය ආරම්භ කලා.ඉතින් ඇති හැකි අයට පුලුවන් මේකී පිං කටයුත්තට දායක වෙන්න.පුංචිම පුංචි මේ ගෙදරට ඉතිරි ටික ගොඩ නඟන්න දායකත්වය වගේම, වැසිකිළියක් හදන්න,වතුර ටිකක් ගන්න, ගෙදරට පොඩි පොඩි බඩු ටිකක් ගන්න,සුමනාවති අම්මට නිදා ගන්න ඇදක්,පුටුවක්,හට්ටි වලන් ටිකක් ගන්න දායක වෙන්න ඔබටත් පුලුවන්.

පිං කැමති ආදරණිය ඔබට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මෙම පිං කටයුත්තට දායක වෙන හැටියට....මේ අහිංසක හීනයක් වෙනුවෙන් අකුරැස්ස අපේ ශක්තිය....

 

605303303_879370394640916_8599362413548450981_n.jpg

 

605121512_879370447974244_1564806410109964995_n.jpg

 

606395768_879370641307558_1786450622112919530_n.jpg

 

605114212_879370481307574_8219523826930596824_n.jpg

 

603807555_879370684640887_4901876387874383437_n.jpg

 

603784103_879370597974229_2182528301350316754_n.jpg

605112514_879370751307547_53071692815241949_n.jpg

 

605122577_879370941307528_5879001706877875765_n.jpg

605103872_879370881307534_4716535213714629964_n.jpg

605131809_879370811307541_3580622836413047339_n.jpg

අනු-ප්‍රවර්ගයන්

News & Events

01
ඔක්2026
ජාතික ඵලදායිතා සම්මාන - 2025/26

ජාතික ඵලදායිතා සම්මාන - 2025/26

🏆ජාතික ඵලදායිතා සම්මාන - 2025/26🏆 විශේෂ ඇගයීම

17
සැප්2026
ඉදිකිරිමට යෝජිත නිවෙස් වල අත්තිවාරම කැපීම සහ මුල්ගල් තැබීමේ අවස්ථාව

ඉදිකිරිමට යෝජිත නිවෙස් වල අත්තිවාරම කැපීම සහ මුල්ගල් තැබීමේ අවස්ථාව

අකුරැස්ස සමෘද්ධි බැංකුවේ යාකබැද්ද වසමේ සහ මාරඹ...

Scroll To Top