අපගේ දැක්ම

සමාජීය හා ආර්ථික වශයෙන් තෘප්තිමත් ප්‍රජාවක් වෙසෙන ඉතා විශිෂ්ඨ තත්වයකට අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පත් කිරීම.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව තිරසාර සංවර්ධන ක්‍රියාදාමයක් සඳහා යහ පාලනයෙන් පරිපූර්ණ වූ, සැලසුම් ගත කළමනාකරණමය ක්‍රමෝපායයන් තුළින් ප්‍රදේශයේ ජන දීවිය නංවාලීම.

වර්ග කිලෝමීටර් 148.8 ක් ප්‍රෙද්ශයක් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මඟින් ආවරණය කරනු ලබන අතර ඉන් වර්ග කිලෝමීටර් 38.4 ක ප්‍රදේශයක් දෙදියගල වන රක්ෂිතය සඳහා වෙන් වේ.  ග්‍රාම නිලධාරි කොට්ඨාස වශයෙන් භාවිතා කරනු ලබන මුළු ඉඩම් භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 110.4 කි.  කොට්ඨාශයේ භූවිෂමතාවය සලකන විට, එය කඳු හා කඳුවැටිවලින් යුක්ත තැනිතලාවකි.  මෙම තැනිතලාවන් කොට්ඨාසයේ බටහිර දෙසට හා උතුරු දෙසටවන්නට ක්‍රමාණුකූලව උස් වේ.  නිල්වලා නදියේ සිට බටහිර දෙසට පැතිරි ඇති කඳුවලට මුහුදු මට්ටමේ සිට අඩි 600 - 800 ක උන්නතාංශයක් ඇත.  දිගිලි ඇලේ උතුරු කොටස තද බෑවුම් සහිත පටු නිම්න වේ.  නමුත් මෙම ඇලේ පහල කොටස පලල් නිම්නයක් වන අතර මෙම නිම්නය වැවිලි වගාවන් සඳහා භාවිතා කරයි.  කොට්ඨාශයේ නැගෙනහිර දෙසින් ගලා බසින නිල්වලා ගඟේ දෙපැත්තම පහත්ම උනතාංශයක් සහිත වන අතර පරදුව සහ පෝරඹ ප්‍රදේශ නිතරම ගංවතුරට භාජනය වේ.  දකුණු පළාතේ ඉතා කාර්ය බහුල වානිජ නගරයක් වන අකුරැස්ස නගරයේදී දිගිලි ඇල නිල්වලා ගඟට සම්බන්ධ වේ.  දිගිලි ඇලේ දෙපැත්තෙන්ම පිහිටි කඳු වලල්ල පහතරට වගාවන්ගෙන් ඝනව ආවරණය වී ඇත.  මෙම කඳු වළල්ලෙන් ගලා බසින ඇල මාර්ග උපයෝගී කරගෙන කුඩා විදුලි බලාගාර ඉදිකර ඇත.  කොට්ඨාසයේ වානිජ හදවත අකරැස්ස නගරයයි.  මාර්ග පද්ධතිය මඟින් කොට්ඨාසයේ සියලු දිශාවන් සම්බන්ධ කරන අතර ප්‍රධාන මාර්ග වන අකුරැස්ස - ගාල්ල, අකුරැස්ස - මාතර සහ අකුරැස්ස - දෙනියාය යන මාර්ගවල අධිකව රථ වාහන ගමන් කරයි.

ප්‍රවේශය

අකුරැස්ස බස් නැවැතුම් පොලේ සිට කි.මී. 1/2 ක් පමණ මාතර සහ ගාල්ල දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කළ විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ නාම පුවරුව දැක ගත හැකි ය.  ඉහත නාම පුවරුවට විරුද්ධ පැත්තේ ඇති අතුරු මාර්ගය දිගේ කි.මී. 1/2 ක් පමණ ගමන් කළ විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලඟා විය හැකි ය.  (එය ලංකා විදුලි බල මණ්ඩල කාර්යාලය ඉදිරිපිට පිහිටා ඇත.)

සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

 Name
  From To  
ඒ. ජී. පියතිස්ස මයා    
ආරියරත්න මයා    
ඩී. ඩී. වික්‍රමආරච්චි මයා    
එච්. ඩබ්. ඩී. සුනිල් මයා 1971    1990
ආර්. එ. බී. පි. රූපසිංහ මයා    
ඩී. ඩී. පියදාස මයා    
ඒ. අමරවර්ධන මයා    
ජේ. ඒ. රංජිත් මයා                                                              
එස්. ඩී. හේවාපතිරණ මයා                       
ඊ.වී. තිලකරත්න මයා 1990.06.01 1991.01.01
එන්. ටී. විමලදාස මයා 1991.01.01 1992.08.17
සී. මුදලිගේ මයා 1992.08.18 1993.07.11  
එම්. ඒ. පියසේන මයා 1993.07.17 1995.01.31  
ජී. ඩි. එච් තිලකරත්න මයා 1995.02.01 2000.05.12  
ඒ. එම්. විජේසේන මයා 2000.05.03 2001.03.11  
ඩබ්. ඒ. ආරියරත්න මයා 2001.03.12 2004.05.20  
ඩබ්. වීරසිංහ මයා 2005.02.01 2005.05.05  
ඕ. ජී. ගුරුගේ මයා 2005.05.06 2005.11.28  
ජී. වීරසිංහ මයා 2005.12.01 2006.04.05  
ජයසිරි රුවන්පතිරණ මයා 2006.06.07   2009.04.21  
ඕ. වී. සී. තිලකරත්න මයා 2009.04.23  2021.11.10
කේ.ජී ධම්මි අනෝජා මිය 2021.11.26 මේ දක්වා

News & Events

01
ඔක්2026
ජාතික ඵලදායිතා සම්මාන - 2025/26

ජාතික ඵලදායිතා සම්මාන - 2025/26

🏆ජාතික ඵලදායිතා සම්මාන - 2025/26🏆 විශේෂ ඇගයීම

17
සැප්2026
ඉදිකිරිමට යෝජිත නිවෙස් වල අත්තිවාරම කැපීම සහ මුල්ගල් තැබීමේ අවස්ථාව

ඉදිකිරිමට යෝජිත නිවෙස් වල අත්තිවාරම කැපීම සහ මුල්ගල් තැබීමේ අවස්ථාව

අකුරැස්ස සමෘද්ධි බැංකුවේ යාකබැද්ද වසමේ සහ මාරඹ...

Scroll To Top