හිසට සෙවනක් හිතට සවියක්....
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රජා සත්කාරයක්.
=======================================
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය හමුවෙන්න කාලෙක ඉදන් එනවා හරි අපූරු යාළුවෙක්. ඇය නමින් සුමනාවති. වයසට එහා ගිය පෙනුමකින් යුක්ත වුනාට ඇයත් හරි සුන්දර කාන්තාවක්. ඇයට අවශ්‍ය එකම එක දෙයයි. ඒ හිසට සෙවනක්. තැනිත් තැන ඇවිදිමින් ඉඩක් දුන් තැකන දවසින් දවස කාලා වැටිලා උන්නට ඇයට තිබුනෙ නැ තමන්ගෙම සෙවනක්. ප්‍රාදේශීය ලේකම්තුමිය හමුවට එන මේ අම්මා හිනාමුසු මුවගින් දැත් එක්කොට හැමදාම ඉල්ලුවෙ "අනේ මැඩම් මට ඉන්න තැනක් හදලා දෙන්න මැරෙන්න කලින් මගේම තැනක ඉදලා මැරෙන්න ඉඩ දෙන්න". ඒක හරි අහිංසක ඉල්ලීමක්.
ඉතින් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය මූලික වුනා ස්ථීර අධිෂ්ඨානයෙන් තීරණය කලා මේ සුමනාවති අම්මට සෙවනක් හදන්න. ඉතින් ඒ පිං සිතුවිල්ලට හයියක් වෙන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇය වටා එකතු වුනා අනිකුත් ප්‍රජා සත්කාරයන් වලදි වගේම. 2025.12.23 කියන්නේ අන්න ඒ සුභ දවස. හීනයක් සැබැ කරන්නට අඩිතාලම තියපු දවස.නිලධාරීන් පිරිසක් තම තමන්ට පුලුවන් අයුරීන් මුදල් ආධාර කරද්දි නවත් අය ශ්‍රමදායකත්වය දුන්නා. තමන්ගේ දේකට සුභ නැකතට කැවිලි පෙවිලි හදනව වගේ තවත් අය නැකතට කැවිලි පෙවිලි හදන් ආවා.ඒ වගේම තමයි තවත් අය නිවස සෑදීමට අවශ්‍ය බඩු බාහිරාදිය භාර ගත්තා.
මේක හරි පුංචි ගෙයක්.
අහිංසක හීනයක් වෙනුවෙන්.
කවදත් මනුස්සයෙක්ගේ දුක හඳුනන අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමියගේ සංකල්පය අනුව එතුමිය ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලය එකතුවෙන් මෙකී කාර්යය ආරම්භ කලා.ඉතින් ඇති හැකි අයට පුලුවන් මේකී පිං කටයුත්තට දායක වෙන්න.පුංචිම පුංචි මේ ගෙදරට ඉතිරි ටික ගොඩ නඟන්න දායකත්වය වගේම, වැසිකිළියක් හදන්න,වතුර ටිකක් ගන්න, ගෙදරට පොඩි පොඩි බඩු ටිකක් ගන්න,සුමනාවති අම්මට නිදා ගන්න ඇදක්,පුටුවක්,හට්ටි වලන් ටිකක් ගන්න දායක වෙන්න ඔබටත් පුලුවන්.
පිං කැමති ආදරණිය ඔබට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මෙම පිං කටයුත්තට දායක වෙන හැටියට....මේ අහිංසක හීනයක් වෙනුවෙන් අකුරැස්ස අපේ ශක්තිය....




























