ජනතා හිත සුව පිණිස "ජන සහන වෛද්‍ය සායන ජංගම සේවය"ජනතා හිත සුව පිණිස "ජන සහන වෛද්‍ය සායන ජංගම සේවය"
===================================
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් ධම්මි අනෝජා මහත්මියගේ සංකල්පයක් අනුව දකුණු පළාත් ක්‍රිඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සංවිධානය කරන ලද ජන සහන ජංගම සේවය හුලංදාව සේවා පියසේ දී 2025.11.14 වන දින පෙරවරු 09.00 සිට පස්වරු 01.00 දක්වා හුදෙක් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දරුවන් ඇතුළු ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නන්වාලීමේ අරමුණින් පවත්වන ලදි..ප්‍රදේශයේ දුවා දරුවන්ගේ සෞඛ්‍ය තත්වය නන්වාලීම මෙහි මූලික අරමුණ වු අතර ඊට අමතරව ප්‍රදේශවාසි වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ද වෛද්‍ය සායනයක් පවත්වන ලදි.මුඛ , අක්ෂි පරික්ෂාව මෙන්ම සෙම පටල පරික්ෂාවත්,බුලක් විට කෑමට හුරුවූ පුද්ගලයන්ගේ මුඛ පරික්ෂාව ද මෙහිදි නොමිලේ සිදු කරන ලදි.මෙම අවස්ථාවට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් කුමාර මහතා ප්‍රධාන දේශපාලන නියෝජිතයන්ද, ප්‍රාදේශීය ලේකම්තුමිය,පරිපාලන ග්‍රාම නිලධාරිතුමන් ඇතුළු වසම්භාර නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරින් සම්බන්ධ විය.එසේම මෙම කාර්යය සාර්ථක කර ගැනීමට දායකත්වය සැපයූ වෛද්‍ය නිලධාරි,හෙද නිලධාරි ,පවුල් සෞඛ්‍ය සේවිකා,මහජන සෞඛ්‍ය පරික්ෂක යනාදි සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලුම නිලධාරි මහත්ම මහත්මීන්ට අපගේ ගෞරවනීය ස්තුතිය....තවද මෙම කාර්යය සාර්ථක කර ගැනීමට දායක වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරි මහත්ම මහත්මීන්ටත්, සියලුම ප්‍රදේශවාසි ජනතාවටත් අපගේ ස්තුතිය.....































