පොහොසත් රටක් ලස්සන ජීව්තයක් ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නන්වමින් ක්‍රියාත්මක කරන Clean Sri Lanka ගමින් ගමට විශේෂ ජන සත්කාරක වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබූ ප්‍රධාන ජංගම සේවා වැඩසටහන අකුරැස්ස පෝරඹ විදුහල් පරිශ්‍රයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදි...
=======================================================
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ මූලික ගැටළු හඳුනා ගැනීමත් ඒ සඳහා විසදුම් ලබා දීමත් අරමුණු කර ගනිමින් විශේෂ ජන සත්කාරක ජංගම සේවා වැඩසටහන 2025.11.26 වන දින පෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා පෝරඹ කණිෂ්ඨ විද්‍යාලීය පරිශ්‍රයේ දී පවත්වන ලදි.මෙහිදි ජනතාවට,
# අයුර්වේද වෛද්‍ය සායනයක්
# ඔසු පැන් දන්සලක්
# කාන්තා ව්‍යවසායකයින්ගේ අලෙවි කුට්යනාදිය
සමඟ එකතු වීමට අවස්ථාව උදා වුනි.
එසේම,අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් හමුවී ගැටළු ඉදිරිපත් කිරීමටත් විසදුම්,උපදෙස් ලබා ගැනීමටත් ජනතාවට අවස්ථාව උදා වුනි. තවද, අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරිමට හැකියාව ලැබුණි.
මෙහිදි, අභාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු බෙදා දීම,අඩු ආදායම්ලාභි පවුලවල දරුවන් සඳහා,පාසල් උපකරණ බෙදා දීම,ඉඩම් ඔප්පු බෙදා දීම,දහම් පාසල් සඳහා උපකරණ බෙදා දීමේ වැඩසටහන් ද පැවැත්වූනි.
මේ සඳහා අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් කුමාර සුරවීර මහතා ප්‍රධාන ගරු මන්ත්‍රිතුමන්ලා සහ මන්ත්රිතුමියන් මෙන්ම ප්‍රාදේශීය සභාවේ නිලධාරි මහත්ම මහත්මීන් සහභාගී විය.තවද, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර අධ්‍යක්ෂතුමිය ( සැලසුම්), පරිපාලන ග්‍රාම නිලධාරිතුමන් ඇතුළු ක්ෂේත්‍ර සහ කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මීන් මෙන්ම වසම්භාර නිලධාරි මහත්ම මහත්මීන් සහභාගී ව්ය.
එසේම මාතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් කුමාරි මහත්මියද මේ සඳහා සහභාගී විය.ඒ අනුව මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට කටයුතු කල සහකාර අධ්‍යක්ෂතුමිය(සැලසුම්) ප්‍රධාන සංවර්ධන අංශයේ සියලු නිලධාරි මහත්ම මහත්මීන්ටත්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරි මහත්ම මහත්මීන්ටත්,අකුරැස්ස ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් පැමිණි සියලු නිලධාරි මහත්ම මහත්මීන්ටත්,ප්‍රදේශ වාසි සැමටත් අපගේ ගෞරවණිය ස්තුතිය.
මෙම කාර්යය පැවැත්වීමට ස්ථානය ලබා දුන් පෝරඹ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රධාන කාර්යය මණ්ඩලයට අපගේ ගෞරණිය ස්තුතිය..
සංස්කෘතික අංග ඉදිරිපත් කල රංග ආයතන භාර ගුරු මහත්ම මහත්මීන්ටත් දරු දැරියන්ටත් අපගේ ගෞරවණිය ස්තුතිය. එසේම නර්ථනාංග ඉදිරිපත් කල දරුවන්ට ත්‍යාග ලබා දුන් මහජන බැංකු කළමණාකාරතුමිය ඇතුළු කාර්යය මණ්ඩලයට අපගේ ගෞරවණිය ස්තුතිය..





























"පොහොසත් රටක් ලස්සන ජීව්තයක්" ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නන්වමින් ක්‍රියාත්මක කරන Clean Sri Lanka ගමින් ගමට විශේෂ ජන සත්කාරක වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබූ පූර්ව ජංගම සේවාවන් තුනක් අකුරැස්සේදී....
=======================================================
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ මූලික ගැටළු හඳුනා ගැනීමේ අරමුණ පෙරදැරිව සමෘද්ධි කලාප තුන එනම් අකුරැස්ස ,පෝරඹ සහ කැටන්විල කලාපයන් වලදි 2025.11.21 වන දින උදැසන 09.00 සිට දහවල් 12.00 දක්වා ජංගම සේවා වැඩසටහන් තුනක් ඉතා සාර්ථකව පවත්වන ලදි.
මෙහිදි ජනතාවට පවතින මූලික ගැටළු (අස්වැසුම,ඉඩම්,සෞඛ්‍ය,නිවාස,අධ්‍යාපන,ආර්ථික යනාදි) අදාල නිලධාරීන්ට යොමු කිරීමට හැකියාව ලබා දුන් අතර එකී ගැටළු හඳුනාගනිමින් 2025.11.26 වන දින පැවැත්වීමට නියමිත ජංගම සේවය දී අදාල ක්ෂේත්රයන් ඔස්සේ විසදුම් ලබා දීමට නිලධාරීන් හට හැකියාව ලැබේ.
2025.11.21දින වන විටත් වසම්භාර නිලධාරීන් හරහා ජනතා ගැටළු 2350කට අධික සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව ලැබුනු අතර ජංගම සේවා වැඩසටහන් තුන මඟින්ද තවත් ගැටළු ප්‍රමාණයක් හඳුනා ගැනීමට අවස්ථාව උදා වුනි.
2025.11.26 වන දින පැවැත්වීමට නියමිත ජංගම සේවා වැඩසටහනින් අකුරැස්ස ප්‍රදේශවාසි සැමට තමාගේ ගැටළු සඳහා විසදුම් ලබා ගැනීමට අමතරව
# අයුර්වේද වෛද්‍ය සායනයක්
# ඔසු පැන් දන්සලක්
# සංස්කෘතික අංග
# කාන්තා ව්‍යවසායකයින්ගේ අළෙවි ප්‍රදර්ශන යනාදි වැඩසටහන් සමඟ එක්විමේ අවස්ථාවද උදා වේ.































පාරම්පරික ආහාර වට්ටෝරු සහ ආහාර සංස්කරණ ක්‍රම හදුන්වාදීමේ වැඩසටහන පාරම්පරික ආහාර වට්ටෝරු සහ ආහාර සංස්කරණ ක්‍රම හදුන්වාදීමේ වැඩසටහන
===================================
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශිය වෛද්‍ය අංශය සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පාරම්පරික ආහාර වට්ටෝරු හා ආහාර සංස්කරණ ක්‍රම හඳුන්වා දීමේ වැඩසටහන 2025.11.12 වන දින බෝපිටිය සේවා පියසේ දි පවත්වන ලදී.සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශිය වෛද්‍ය අංශයේ ප්‍රතිපාදන මත සිදු කරන ලද මෙම වැඩසටහන සදහා සම්පත්දායකත්වය අකුරැස්ස ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉනේකා අමරරත්න මහත්මිය හා සංවර්ධන නිලධාරී (දේශිය වෛද්‍ය) කේ.ඩි.ආර්.චතුරානි මහත්මිය විසින් ලබා දෙන ලදි.මඤ්ඤොක්කා අල භාවිතයෙන් සකස් කල හැකි රසවත් ආහාර වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරය මෙහිදි ප්‍රායෝගිකව පැහැදිළි කරනු ලැබු අතර මෙකී වැඩසටහන සඳහා බෝපිටිය ළමා සමාජ දරුවන් හා දෙමාපියන් සහභාගී විය.එසේම මෙම වැඩසටහන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදි.









ජනතා හිත සුව පිණිස "ජන සහන වෛද්‍ය සායන ජංගම සේවය"ජනතා හිත සුව පිණිස "ජන සහන වෛද්‍ය සායන ජංගම සේවය"
===================================
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් ධම්මි අනෝජා මහත්මියගේ සංකල්පයක් අනුව දකුණු පළාත් ක්‍රිඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සංවිධානය කරන ලද ජන සහන ජංගම සේවය හුලංදාව සේවා පියසේ දී 2025.11.14 වන දින පෙරවරු 09.00 සිට පස්වරු 01.00 දක්වා හුදෙක් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දරුවන් ඇතුළු ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නන්වාලීමේ අරමුණින් පවත්වන ලදි..ප්‍රදේශයේ දුවා දරුවන්ගේ සෞඛ්‍ය තත්වය නන්වාලීම මෙහි මූලික අරමුණ වු අතර ඊට අමතරව ප්‍රදේශවාසි වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ද වෛද්‍ය සායනයක් පවත්වන ලදි.මුඛ , අක්ෂි පරික්ෂාව මෙන්ම සෙම පටල පරික්ෂාවත්,බුලක් විට කෑමට හුරුවූ පුද්ගලයන්ගේ මුඛ පරික්ෂාව ද මෙහිදි නොමිලේ සිදු කරන ලදි.මෙම අවස්ථාවට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් කුමාර මහතා ප්‍රධාන දේශපාලන නියෝජිතයන්ද, ප්‍රාදේශීය ලේකම්තුමිය,පරිපාලන ග්‍රාම නිලධාරිතුමන් ඇතුළු වසම්භාර නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරින් සම්බන්ධ විය.එසේම මෙම කාර්යය සාර්ථක කර ගැනීමට දායකත්වය සැපයූ වෛද්‍ය නිලධාරි,හෙද නිලධාරි ,පවුල් සෞඛ්‍ය සේවිකා,මහජන සෞඛ්‍ය පරික්ෂක යනාදි සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලුම නිලධාරි මහත්ම මහත්මීන්ට අපගේ ගෞරවනීය ස්තුතිය....තවද මෙම කාර්යය සාර්ථක කර ගැනීමට දායක වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරි මහත්ම මහත්මීන්ටත්, සියලුම ප්‍රදේශවාසි ජනතාවටත් අපගේ ස්තුතිය.....













අපනයනය තුලින් හෙට ලොව දිනන්නට සිහින දකින ඔබට අපෙන් යන්න තේමා කරගෙන පවත්වන ලද අපනයන ජංගම සේවය අපනයනය තුලින් හෙට ලොව දිනන්නට සිහින දකින ඔබට අපෙන් යන්න තේමා කරගෙන පවත්වන ලද අපනයන ජංගම සේවය
===================================
අපනයන ජංගම සේවා වැඩසටහන 2025 නොවැම්බර් මස 14 වන දින පෙරවරු 09.00 සිට පස්වරු 02.00 දක්වා අකුරැස්ස සණස එවර් වින් හෝටල් පරිශ්‍රයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදි.එහිදි අපනයන ව්‍යාපාරික කටයුතු වල නිරත වන සහ එකී ව්‍යාපාරයන්ගේ නිරතවීමට කැමැත්තක් දක්වන ව්‍යවසායකයින් මෙම අවස්ථාවට සම්බන්ධ කර ගන්නා ලදි.අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන පවත්වන ලද අතර මෙකි කාර්යය සාර්ථක කර ගැනීමට කැප වූ අකුරැස්ස අපනයන සංවර්ධන නිලධාරි ප්‍රසංග කාරියවසම් මහතා ඇතුළු සියලුම නිලධාරීන්ට අපගේ ගෞරවනීය ස්තුතිය...












































