ජන දුක නිවන "ජන සහන" ජංගම සේවා වැඩසටහන

=============================================

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමියගේ සංකල්පයක් අනුව ලේනම උතුර හා හුලන්දාව ග්‍රාම නිලධාරි වසම් කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලැබූ ජන සහන ජංගම සේවා වැඩසටහන 2025.07.16 වන දින හුලන්දාව ග්‍රාම නිලධාරි වසමේ මුත්තු මාරි අම්මාන් කොවිල් පරිශ්‍රයේ දී ඉතාමත් සාර්ථකව පවත්වන ලදි.

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමියගේ සංකල්පයක් අනුව ලේනම උතුර හා හුලන්දාව ග්‍රාම නිලධාරි වසම් කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලැබූ ජන සහන ජංගම සේවා වැඩසටහන 2025.07.16 වන දින හුලන්දාව ග්‍රාම නිලධාරි වසමේ මුත්තු මාරි අම්මාන් කොවිල් පරිශ්‍රයේ දී ඉතාමත් සාර්ථකව පවත්වන ලදි.සේවය ඇවැසි වතු ආශ්‍රිත ආදරණිය දමිළ ජනතාව සදහා උප්පැන්න, මරණ විවාහ ආශ්‍රිත ගැටලු, හැදුනුම්පත් ගැටලු, අස්වැසුම ගැටලු, වැඩිහිටි,ආබාධිත දීමනා, නිවාස ගැටලු, සමාජ සේවා ගැටලු ආදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැකි  සේවාවන් බොහෝමයක් සහ අකුරැස්ස ප්‍රාදේශීය සභාවෙන් ලබා දෙන සේවාවන් ඇතුලු සේවාවන් රැසක් මෙම වැඩසටහනේ දී ලබා දෙන ලදි...

මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මැතිණියය, ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් කුමාර මහතා ඇතුලු මහජන නියෝජිතයන් මෙන්ම අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් ධම්මි අනෝජා මැතිණිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,පරිපාලන ග්‍රාම නිලධාරිතුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මීන් මෙන්ම අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආගමික නායකයින්, ප්‍රදේශයේ ජනතාව සහභාගී වන ලදි.

ඒ අනුව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය දැකවු සැමට අපගේ ප්‍රණාමය....

News & Events

01
ඔක්2026
ජාතික ඵලදායිතා සම්මාන - 2025/26

ජාතික ඵලදායිතා සම්මාන - 2025/26

🏆ජාතික ඵලදායිතා සම්මාන - 2025/26🏆 විශේෂ ඇගයීම

17
සැප්2026
ඉදිකිරිමට යෝජිත නිවෙස් වල අත්තිවාරම කැපීම සහ මුල්ගල් තැබීමේ අවස්ථාව

ඉදිකිරිමට යෝජිත නිවෙස් වල අත්තිවාරම කැපීම සහ මුල්ගල් තැබීමේ අවස්ථාව

අකුරැස්ස සමෘද්ධි බැංකුවේ යාකබැද්ද වසමේ සහ මාරඹ...

Scroll To Top