පොහොසත් රටක් ලස්සන ජීව්තයක් ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නන්වමින් ක්‍රියාත්මක කරන Clean Sri Lanka ගමින් ගමට විශේෂ ජන සත්කාරක වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබූ ප්‍රධාන ජංගම සේවා වැඩසටහන අකුරැස්ස පෝරඹ විදුහල් පරිශ්‍රයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදි...
=======================================================
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ මූලික ගැටළු හඳුනා ගැනීමත් ඒ සඳහා විසදුම් ලබා දීමත් අරමුණු කර ගනිමින් විශේෂ ජන සත්කාරක ජංගම සේවා වැඩසටහන 2025.11.26 වන දින පෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා පෝරඹ කණිෂ්ඨ විද්‍යාලීය පරිශ්‍රයේ දී පවත්වන ලදි.මෙහිදි ජනතාවට,
# අයුර්වේද වෛද්‍ය සායනයක්
# ඔසු පැන් දන්සලක්
# කාන්තා ව්‍යවසායකයින්ගේ අලෙවි කුට්යනාදිය
සමඟ එකතු වීමට අවස්ථාව උදා වුනි.
එසේම,අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් හමුවී ගැටළු ඉදිරිපත් කිරීමටත් විසදුම්,උපදෙස් ලබා ගැනීමටත් ජනතාවට අවස්ථාව උදා වුනි. තවද, අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරිමට හැකියාව ලැබුණි.
මෙහිදි, අභාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු බෙදා දීම,අඩු ආදායම්ලාභි පවුලවල දරුවන් සඳහා,පාසල් උපකරණ බෙදා දීම,ඉඩම් ඔප්පු බෙදා දීම,දහම් පාසල් සඳහා උපකරණ බෙදා දීමේ වැඩසටහන් ද පැවැත්වූනි.
මේ සඳහා අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් කුමාර සුරවීර මහතා ප්‍රධාන ගරු මන්ත්‍රිතුමන්ලා සහ මන්ත්‍රිතුමියන් මෙන්ම ප්‍රාදේශීය සභාවේ නිලධාරි මහත්ම මහත්මීන් සහභාගී විය.තවද, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර අධ්‍යක්ෂතුමිය ( සැලසුම්), පරිපාලන ග්‍රාම නිලධාරිතුමන් ඇතුළු ක්ෂේත්‍ර සහ කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මීන් මෙන්ම වසම්භාර නිලධාරි මහත්ම මහත්මීන් සහභාගී ව්ය.
එසේම මාතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් කුමාරි මහත්මියද මේ සඳහා සහභාගී විය.ඒ අනුව මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට කටයුතු කල සහකාර අධ්‍යක්ෂතුමිය(සැලසුම්) ප්‍රධාන සංවර්ධන අංශයේ සියලු නිලධාරි මහත්ම මහත්මීන්ටත්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරි මහත්ම මහත්මීන්ටත්,අකුරැස්ස ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් පැමිණි සියලු නිලධාරි මහත්ම මහත්මීන්ටත්,ප්‍රදේශ වාසි සැමටත් අපගේ ගෞරවණිය ස්තුතිය.
මෙම කාර්යය පැවැත්වීමට ස්ථානය ලබා දුන් පෝරඹ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රධාන කාර්යය මණ්ඩලයට අපගේ ගෞරණිය ස්තුතිය..
සංස්කෘතික අංග ඉදිරිපත් කල රංග ආයතන භාර ගුරු මහත්ම මහත්මීන්ටත් දරු දැරියන්ටත් අපගේ ගෞරවණිය ස්තුතිය. එසේම නර්ථනාංග ඉදිරිපත් කල දරුවන්ට ත්‍යාග ලබා දුන් මහජන බැංකු කළමණාකාරතුමිය ඇතුළු කාර්යය මණ්ඩලයට අපගේ ගෞරවණිය ස්තුතිය..















































