පාරම්පරික ආහාර වට්ටෝරු සහ ආහාර සංස්කරණ ක්‍රම හදුන්වාදීමේ  වැඩසටහන පාරම්පරික ආහාර වට්ටෝරු සහ ආහාර සංස්කරණ ක්‍රම හදුන්වාදීමේ  වැඩසටහන 

===================================

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශිය වෛද්‍ය අංශය සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය විසින් සංවිධානය කරන ලද පාරම්පරික ආහාර වට්ටෝරු හා ආහාර සංස්කරණ ක්‍රම හඳුන්වා දීමේ  වැඩසටහන 2025.11.12 වන දින බෝපිටිය  සේවා පියසේ දි  පවත්වන ලදී.සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශිය වෛද්‍ය අංශයේ ප්‍රතිපාදන මත සිදු කරන ලද මෙම වැඩසටහන සදහා සම්පත්දායකත්වය අකුරැස්ස ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉනේකා අමරරත්න මහත්මිය හා  සංවර්ධන නිලධාරී (දේශිය වෛද්‍ය) කේ.ඩි.ආර්.චතුරානි මහත්මිය විසින් ලබා දෙන ලදි.මඤ්ඤොක්කා අල භාවිතයෙන් සකස් කල හැකි රසවත් ආහාර වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරය මෙහිදි ප්‍රායෝගිකව පැහැදිළි කරනු ලැබු අතර මෙකී වැඩසටහන සඳහා බෝපිටිය  ළමා සමාජ දරුවන් හා  දෙමාපියන් සහභාගී විය.එසේම මෙම වැඩසටහන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී,  වනිතා සංවර්ධන නිලධාරී,   ග්‍රාම නිලධාරී හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදි.

 

 

News & Events

01
Oct2026
National Productivity Awards - 2025/26

National Productivity Awards - 2025/26

🏆National Productivity Awards - 2025/26🏆 Special Commendation

Scroll To Top